• (+94) 47-2262654
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • Register
  • Login
CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්
  • ඇතුලත් කිරීම

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු පලාතේ මායිමට ආසන්නව ර/ඇඹි/චන්ද්‍රිකාවැව ජයන්ති මහා විද්‍යාලය පිහිටා ඇත. චන්ද්‍රිකාවැව ගොවිජනපද ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ 1961.08.30 දින චන්ද්‍රිකාවැව ගොවිජනපද විද්‍යාලය නමින් මෙම පාසල ආරම්භ විය. සිසුන් හත්දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලය දෙදෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ වී ඇත.
1972 දී අපොස උසස් පෙළ කලා විෂය ධාරාව ආරම්භයත් සමඟ 1C පාසලක් බවට පත් විය. ඉන් අනතුරුව 2005 වර්ෂයේ දී නවෝද්‍යා පාසල් සංකල්පය අනුව පාසලේ සංවර්ධන කටයුතු සිදුවීමත්,වාණිජ විෂය ධාරාව ආරම්භවීමත් සිදු විය. 2016 වර්ෂයේදී අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉංජ්නේරු පීඨය සඳහා ශිෂයෙක් තේරි පත්වීම පාසල් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයකි. මීට අමතරව වාර්ෂිකව අපොස (සාපෙළ),(උ පෙළ) ආදී ජාතික මට්ටමේ විභාගවලට ඉදිරිපත් වෙමින් ජයග්‍රහණ ලබාගන්නා ශිෂ්‍ය ප්‍රතිශතය ඉහළයාම සතුටට කරුණකි. මේ ආකාරයට පාසලෙන් බිහිවන දරුවන් ඵලදායී පුරවරසියන් ලෙස සමාජයේ විවිධ අංශ නියෝජනය කරමින් ප්‍රදේශයේ සංවර්ධනය සඳහාත්,රටේ සංවර්ධනය සඳහාත් සලසන සේවාව අගය කළ යුතුය.
දශක හයකට ආසන්න ඉතිහාසයක් ඇති ජයන්ති විදුහල් මාතාව ලබා ඇති භෞතික සංවර්ධනය පිළිබඳ ව සඳහන් කළ යුතුය. 2016 වර්ෂයේ ළඟම පාසල හොඳම පාසල සංකල්පය යටතේ අප විද්‍යාලය තේරී පත්වීම අප ලැබූ ජයග්‍රහණයකි. මෙම සංකල්පය යටතේ ශීඝ්‍ර සංවර්ධනයක් පාසල් පරිසරය තුළින් දැක ගත හැකි ය. පාසලේ පන්ති කාමර,ගොඩනැගිලි,ක්‍රීඩා පිටිය,තාක්ෂණික විද්‍යාපීඨය,වැසිකිළි පද්ධතිය,පාසල් පිරියත අලංකරණය ආදී සෑම අංශයකින්ම විදුහල නවීකරණය වෙමින් පවතී.මෙම සෑම අංශයකින්ම ලබා ඇති සංවර්ධනයේ නියමුවානන් වන්නේ මෙම විද්‍යාලයේ වර්ථමාන විදුහල්පති එම්.එස්.නිහාල් ශාන්ත මැතිතුමාය.
විදුහල භෞතික වශයෙන් නවීකරණයවීමත් සමග ම විද්‍යාලයේ මානව සම්පත් පිළිබඳව ද සඳහන් කළ යුතුය. 1961 වර්ෂයේ සිසුන් 7 දෙනෙකුගෙන් හා ගුරුභවතුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ විද්‍යාලයේ අද වන විට ගුරුභවතුන් 84 ක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන් යටතේ අධ්‍යාපනය හදාරන දරුවන් සංඛ්‍යාව 1550කි. වර්ධනය වන මානව සම්පත් සේම අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය ද සතුටුදායක අන්දමින් ඉහළයාම අතිශය සතුටට කරුණකි.
2019 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 62% ක් දක්වා වර්ධනය වී ඇත.එසේම 2020 වර්ෂයේ අපොස උසස් පෙළ හැදෑරිම සඳහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැඛීම අප පාසලේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනයේ ප්‍රතිඵලයකි. එසේම 2020 වර්ෂය සඳහා 6 ශ්‍රේණියට ඇතුලත්වීමට පෝෂක පාසලේ සිසුන්ට අමතරව විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැඛී තිබුණි. නමුත් අප පාසලේ පන්ති කාමර පහසුකම් අනුව සිසුන් 216 ක ප්‍රමාණයක් 6 ශ්‍රේණිය සඳහා බඳවා ගන්නා ලදී. මේ සියල්ලටම වඩා තවත් සුවිශේෂි ස්ථානයක් සනිටුහන් කිරීමෙහිලා පුරෝගාමී වූයේ 2019 අපොස උසස් පෙළ ප්‍රතිඵලයයි.
විද්‍යාලය ලැබූ මේ සියලූ ජයහ්‍රහණයන් විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන්ගේ පාසල් දරුවන්ගේ හා දෙමව්පියන් සියලූ දෙනාගේ සාමූහික ප්‍රයත්නයේ හා කැපවීමේ ප්‍රතිඵලයකි. මේ වන විට භෞතික වශයෙන් ගොඩනැගිලි අවශ්‍යතා සම්පූර්ණවීමත් සමඟ විද්‍යාලය පැහැදිලි සුබ අනාගතයක සලකුණු සනිටුහන් කරමින් පවතී.
මේ සියලූ සාර්ථකත්වයන් හා අභියෝගයන් හමුවේ අප සියලූ දෙනාගේ අපේක්ෂාව වන්නේ ඇඹිලිපිටිය කලාපයේ හොඳම පාසල බවට පත් වීමයි. ඒ සුබ සිහිනය යථාර්තයක් වන දිනය වැඩ් ඈතක නොවන බව අපගේ විශ්වාසයයි.

ආරම්භ කළ වර්ෂය

1961 අගෝස්තු මස 30

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

07

මුල් ගුරුතුමාගේ නම

 එස්.ජේ. ජිනපේම මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 ශාලා 1, ගුරු නිවාස 3, වැසිකිලි 2, ජල ටැංකි 3

පාසලේ නම

 චන්ද්‍රිකා වැව ජයන්ති ගොවි ජනපදය

පාසල පැවැත්වූ ස්ථානය

 වත්මන් ස්ථානයේම

 

 

CHANDRIKAWEWA JAYANTHI M.V.

චන්ද්‍රිකාවැව ජයන්ති ම.වි.

ඇඹිලිපිටිය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය 42, Padalangala, Embilipitiya
  • දුරකථන(+94) 47-2262654
  • ෆැක්ස්(+94) 47-2262654

Supported By

© 2026 CHANDRIKAWEWA JAYANTHI M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk