බැතියෙන් පුදමු නිතියෙන් රකිමු ජයන්ති මහ විදුහල් මාතා
ජයන්ති මහ විදුහල් මාතා...........//
ශිල්ප සතර හා ඔවදන් දෙමිනා
විදු ආලෝකෙන් නැණ ඇස පාදා
දැයට එළිය දෙන විරු දරු තනනා
විදුහල් මාතා සැරදේවා...........//
බැතියෙන් පුදමු නිතියෙන් රකිමු ජයන්ති මහ විදුහල් මාතා
ජයන්ති මහ විදුහල් මාතා...........//
දැනුමෙන් ගුණයෙන් සමත්කමින්
පිරිපුන් දරුවන් ගතෙහි සවිය ඇති
වඩන අපේ විදුහල් මාතා
සැරදේවා සැරදේවා...........//
පුදමු නිතියෙන් රකිමු ජයන්ති මහ විදුහල් මාතා
ජයන්ති මහ විදුහල් මාතා...........//