-
ආචාර ධර්ම හා විනය නීති පද්ධතිය
- සියළුම සිසුන් අංග සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී පැමිණිය යුතුය.
- පාසලට පැමිණීමට ප්‍රධාන දොරටුව පමණක් භාවිත කිරීම.
- පෙ.ව. 7.00 ට පෙර පාසලට පැමිණීම.
- පාසලට පැමිණි විගස තම තමන්ට නියමිත පිරිසිදු කිරීමේ කාර්යයන්හි නිරත විය යුතුය.
- පාසලට පැමිණි සියළු සිසුන් පාසල හමාර වන තුරු පාසල තුල රැදී සිටිය යුතුය.
- කිසියම් අවශ්‍යතාවයක් සඳහා පාසලෙන් බැහැර විය හැකි වන්නේ ගුරුභවතුන්ගේ අවසරයක් ඇතිව පමණි.
- පාසලට අයත් කිසිඳු භාණ්ඩයක් විදුහල්පතිතුමාගේ අවසරයකින් තොරව පාසලෙන් බැහැර ගෙනයාම ,නිවසක තබා ගැනීම , සපුරා තහනම්ය.
- ගුරුවරයෙකු පන්තියක නොමැති අවස්ථාවල අනෙකුත් පන්තිවල ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇතිනොවන සේ හැසිරිය යුතුය.
- පන්ති කාමරයෙන් බැහැරව විද්‍යාගාරය, පුස්තකාලය වැනි විශේෂ ඒකක වලට ගමන් කිරීමේදී ගැහැණු පිරිමි ලෙස වෙන්ව එකිනෙකා පසුපසින් පෙළට ගමන් කළයුතුය.
- වැසිකිළි, කැසිකිළි පාවිචච්චි කිරීම හා ජලය පානය කිරීම කිරීම වැනි හේතු සඳහා යොදාගත යුත්තේ විවේක කාලය පමණි.කාලඡ්චේද මාරුවන අවස්ථාවල එසේ පන්තියෙන් බැහැරවීම නොකළ යුතුය.
- පාසලේදී තමන්ට ඇතිවන ගැටලු භාරකරුවන්ට දැන්වීමට පෙර විදුහල්පතිතුමාට දැනුම් දිය යුතුය.
- පාසලේ කීර්තී නාමයට හානිවන අයුරින් පාසලේදී හෝ ඉන් බැහැරවී කටයුතු කිරීම සපුරා තහනම්.
- පාසල තුල, පාසල මගින් සංවිධානය කරන ගමන් සහ උත්සව වලදී හැර වෙනත් භාහිර අවස්ථා සඳහා පාසල් නිල ඇඳුම භාවිත නොකළ යුතුය.
- පාසල තුළට පොළිතීන් රැගෙන ඒම සපුරා තහනම්.ඉගෙනීමේ කාර්යයන් සඳහා පොළිතීන් රැගෙන ආවේ නම් තමා විසින්ම ඒවා ආපසු රැගෙන යා යුතුය.
- සියලුම සිසුන් පාසලේ පවත්වන දෙමාපිය රැස්වීම් වලට තම දෙමව්පියන් හෝ භාරකරුවන් අනිවාර්යෙන්ම සහභාගී කළ යුතුය.
- ජංගම දුරකථන රැගෙන ඒම සහ භාවිතය සපුරා තහනම්.
- විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන භාණ්ඩ පාවිච්චි කිරීමෙන් පසු නැවත එම මුලින් තිබූ ස්ථානයේම තැබිය යුතුය.
- විනය නීති උල්ලංගනය කරන සිසුන්ට අදාල පරීක්ෂණයකින් පසු සුදුසු පරිදි කටයුතු කිරීමේ බලය විදුහල්පතිතුමා සහ විනය මණ්ඩලය සතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි